ගුරුවරුන්ට මොකද වෙලා තියෙන්න?

2 comments



ගුරුවරු දෙවිවරුය අපි කිව්වත්       නිතර
ගුරුවර කමට සරිලන උන් දැන්     නැතිය
රට තොට ගමේ ගොඩ කතාව     ඇහුවාම
මේ මොන මගුලක්ද සිතුනා මගෙ    සිතට

එක ගුරුතුමෙක් ඉඳගෙන කන                     පලති
තව ගුරුකතක් ළමයගෙ කලිසම                  කපති
විදුහල්පති කෙනෙක් විදුහලෙ      කොල්ලන් ගසති
ගුරුවරු සැමට ගුරු උච්චව ඇති                 සෙයකි



හොඳ දේ නරක දේ තෝරා ගනු       සඳහා
පාසල වෙතට දක්කයි එහි ගුන          වයලා
පාසලෙ කිසිම ගුනයක් දැන්     නැති හින්ඳා
ලමයින් සැමට ටියුටර් දෙමු පසු   නොබලා

නිදහස් අජ්ජාපනේ වඩවා ගනු සඳහා
කලයුතු එකම දෙය මම දකිනා ලෙසටා
පාසල අපා කරනා රැල ගෙන්වාලා
ගුරුකම කරන විදිහ පැහැදීමයි සොඳිනා

ඒ පහදවා වුවත් නොම කරනා         කලට
පත්වීම දුන් අය සහතික දුන්             අයද
ගෙන්වා එක තැනට සිටුවා        පෝලිමට
බලු රැලක් වෙතින් වැඩ කරවා දෙනු මැනව

මේ ලෙස ටිකෙන් ටික යනවිට   විනාසෙට
මිනිසුන් යොමුවෙනව ටික ටික වෙනතකට
රට හැමතැන ප්‍රයිවට් ඒව           ඇරුනාම
දුප්පත් මිනිහටයි හැමදාමත්             ලනුව


එදා මෙදා තුර කවදා කොහේ වුවද
ගුරුවරු දෙමාපියො වැඩිහිටි සැමද
දඬුවම් කරයි තම දරුවන් හැදෙන ලෙස
තිරිසන් කමට ඇයි මේ දඬුවම් කෙරුම


මිනිසුන් සියලුදෙන වෙත ඇත එක එක ප්‍රශ්න
මෙලොව මිහිපිටේ කාටත් එය           පොදුය 
හිතේ ගතේ ඇති තරහව හිරි               ඇරුම
හොඳ මදි නේද ගුරුවරයකු යන          නමට



එක මැක්කයි කන්නෙ ඒත් හැම මැක්කටම වගකීම පැටවෙනව...................................................!

2 comments

චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) November 12, 2013 at 3:26 AM

මට නන් මේකට කියන්න දෙයක් හිතා ගන්න බෑ.
කොහොම උනත් ඒ දුප්පත් දරුවා පවු. ගුරුවරියට තත්වය ටිකක් තේරුම් ගත් යුතුව තිබුනා.

chinthaka November 13, 2013 at 12:12 AM

Thanks machan for the comment u are the outsider..

ගුරුවරියගෙ තත්වෙ තේරුම් ගන්න දෙයක් නෑ මචන් මේක හැමෝටම පේන්න ප්‍රසිද්දියෙ නොකර නම් අපිට ඒ ගැන හිතන්න තිබුන නමුත් මෙතන වෙලා තියෙන්නෙ එහෙම නෙවේනෙ