පොතක් පෙරලන්න

1 comment
පොත පච වී ඇප නැති වී යන         විටක
පොත් මාසෙකින් හරි ගොඩ යා ගත යුතුය
එහේ තිබුන විකාර    ටික           දැක්කාම
මේ මොන මගුලක්ද හිතුනා    මගෙ සිතට








පොත් විකුනාගත් අය අම්බානෙක ගොඩය
පොත් ගත් අයත් යම් යම් පමනක  ගොඩය
අවුරුද්දටම විකුනුනු නැති පොත්   ගොඩය
කඩේ වහල තිබුනත් පාඩුව             නැතිය


අපිත් ස්ටෝලයක් දාගෙන එහි           හිටියා
දිව රෑ දෙකේ එතනට වී ගත          වෙහෙසා
විකුනන මුවාවෙන් පෙරලපු    පොත දැකලා
කොහෙන් හිනාවෙන්නද හිත වා ගනු බැරුවා


පොත පතට වඩා තිබුනේ කන බොන කඩය
දුටු දුටු තැන උනුවෙන් කන          නූඩ්ල්ස්ය
හිම කිරමය පැණි බීමය හැම             තැනම
කන බොනවා මිසක පොත ගන්නේ නැතිය


හිරවීලා පෝලිමෙ හිඳ             තෙරපීලා
දාඩිය මුගුරු සිරුර පුරා             වැගිරීලා
පොතක් නිසා වැඩ කටයුතු     අතහැරලා
එන්නේ කිමද මොලයක් නැති අය විලසා



සියයට පහක දහයක විස්සක ඇති මිල අඩුව
සමහර තැනක ඒ මිල            අඩුවත් නැතිය
අනිත් කාල වල කඩ ඇර    නැතිවා ලෙසක
යන්නේ කිමද පොත්      ගන්නට මේ විලස.


කියවන්නට පොත ගන්නට ඇති     රුචිය
ඒ ගැන මගෙ හිතේ කිසි කහටක්   නැතිය
කවුරු මොනව කිව්වත් ඒ හොඳ    වැඩය
වැරදි එක පාරටම හැදෙනා පොත් උනය



අල්ලපු ගෙදර අය ගිය දන්නා කියන    අය
නෑදෑ පරපුරද තව අපෙ හිත මිතුරු     කැල
මේ හැම අයට පෙනුමට පොත ගත   යුතුය
ගත්තෙ නැතත් බි.එම්.අයි.සී.එච් යා යුතුය




ගන්නට පොතක් කියවන්නට සිත පුරවා
ගියාට කම් නැත සිත ගත දෙක      පහදා
සමාජයේ වැල යන අත            ඒ හින්දා
මැස්ස ගහන්නට පොත පෙරලන්න එපා





පොත් ප්‍රදර්ශනේ කියන්නෙ දැනට BMICH එකේ පැවෙත්වෙන ලොකුම ප්‍රදර්ශනේ කිව්වොත් මන් හරි මම හිතන්නේ.ඒත් මේ දෙයින් සාහිත්ය වර්දනය උනාද නැත්නම් පීචන් පොත් ටිකක් මාකට් උනාද කියන එක තමයි මෙතන අපි ඇස් ඇරල බලන්න ඕනි, හොඳ පොත් තිබුනා මන් නෑ කියන්නෙ නෑ හැබැයි එක්කො ඒ පොත් වල දැනට යන්නෙ 10 වෙනි 20 වෙනි විතර මුද්‍රණය නැත්නම් පරිවර්තන ඒ කියන්නෙ අපේම කියල හොඳ නිර්මාණ නැත්ට්ද?තියනව හැබැයි ඒවට හරි හමන් තැනක් ලැබෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.

එක පාරටම උමතුව හැදුන වගේ පොත් ගන්න දුවන්නෙ අපේ අය නිකන් සෝමාලියාවට පාන් බාගෙ දැම්ම වගේ.හැබැයි ගන්න පොතක් නම් නෑ හොන්දට කාල මොනව හරි බීල කෑල්ලක් බලල කොල්ලෙක්ව චාටර් කරල සෙනහ ගොඩේ තෙරපිලා ගන්න බාල ආතල් එකකට හුඟ දෙන්ක් ආව කියන එක නම් කියානම ඔනි.

මගේ යාලුවෙක් ඇහුව කතාවකින් මන් මේක ඉවර කරන්නම්.

"ඒ මචන් අවුරුද්දෙ මුලු කාලෙම මේ පොත් කඩ වහලද මචන් තියෙන්න?ප්‍රදර්ශනේට විතරද අරින්නෙ?"

"අනේ මන්ද මචන් " මට කියන්න තිබුනෙ එච්චරයි......













1 comment

Unknown September 27, 2013 at 8:51 AM

saTTa paTaa machan.... go ahead. . good luck