ප්‍රොබ්ලම්

2 comments




ප්‍රශ්න යයි කියතී විසඳුමක් නෑ             කියාවී
ප්‍රශ්න ගොඩකට මැදිවී ඉන්න බැරි බව කියාවී
තවත් ඉවසන්න බැරි වී  හැමදේම       එපා වී
යන්න මෙලොවින් චුතවී සිතී ඇති බව කියාවී





දුම්රියේ බස් එකේ පාර තොට            අයිනෙදී
ප්‍රශ්න මිස සතුට ඇති මුහුනු කිසි තැන නොවේවී
ප්‍රශ්නෙන්ම මිරිකී                  ප්‍රශ්නෙන්ම මියැදී
ප්‍රශ්නෙ උඩ මියැදී                  යන්න හිත ලියවී

ටීවි එකෙ මොර දෙවී රේඩියොවෙ කියවී
මිනි මැරුම් හොර කමුත් තව තවත් තියේවී
මේ හැමදේම පොඩිම පොඩි ප්‍රශ්න
විසඳුමක් තියේවි කිසිකෙනෙක් නොසිතාවි
ඒ නිසා යලි යලිත් ඒ දේම යලි වේවි,,,



ප්‍රශ්න මිස ගැලවුමක් නැතැයි    සිත ලියවී
ගලේ කෙටු අකුරු ලෙස සිතේ එය පැලවී
ප්‍රශ්නෙ තුලටම වී තව           තවත් ගුලි වී
ඒ තුලම වැටි වැටී            තව තවත් හිඳීවි


ප්‍රශ්න නැති කිසිවෙක් නැතැයි   හිත මතලා
උත්තරේ ප්‍රශ්නෙ නොව සිතැඟියැයි සිතලා
ප්‍රස්නේ මග ඇරලා කිසිත් ඒ ගැන නොසිතා
යන්න අලු ගසලා පසු පසක් නොබලා

ප්‍රස්නෙට පයින් ගහලා ඉදිරියම බලලා
 කෙලවෙන්න ආවත් කිසිත් ඒ ගැන නොසිතා
වෙනස් වෙන ලොකේ ඔබේ පොඩි ප්‍රස්නේ
 නොසිතූ පැතූ ලෙසයි  වෙනස් වනු ඇත්තේ

නොසිතාම ප්‍රශ්න ගැන ගන්න හිත දහිරිය
වැටි වැටී නැගිටුමයි අපේ මේ ජීවිතය
පැරදුමක් නැති ජයක් නොවෙයි ලොව කිසි විටක
ප්‍රශ්න ගැන නොසිතාම ජයගන්න ජීවිතය....


“The problem is not the problem; the problem is your attitude about the problem”















2 comments

Unknown September 10, 2013 at 9:33 AM

eka nam aththa tamai.prashna ganama hithuwoth kawadawath dinumak na.prashna daragena idiriyata yanna ona

budhajeewa September 14, 2013 at 9:33 PM

"Don't trouble trouble until trouble troubles you" කියල කතාවකුත් තියනවනෙ බං.