මේ අවුරුද්දේ හොඳම TV SEREIS එක(Breaking bad)

No comment yet
Breaking BAD

Prison break වලට පස්සෙ මන් බලපු TV series  වලින් හොඳම අනර්ගම පට්ට්ටම TV SERIES එක තමයි මේක.

CHOGM බඹර

3 comments
මොනවද අම්මේ බඹර ජාතියක් 
තැන් තැන් වල කව්දෝ තියලා
කවුරුද අම්මේ මේව තියන්නේ
පාට පාට පෙති හෙම දාලා




පුතා දන්නේ නෑ සිරි ලංකාවේ 
ජාති ජාති හරි වැඩ කෙරෙති
කන්න නැතුව මිනිසුන් නිදියද්දී
හන්දි ගානේ බඹරද  තියතී


මේ වගෙ ලස්සන වැඩ හැමදාමත් නෑ
මොනවද අම්මා කියවන්නේ
කොහොමද අම්මේ මේව කරන්නේ
මෙච්චර සල්ලිත් නැති අතරේ

ඉර පායනකොට ඉර බැස යනකොට 
ණය ආදාරයි හම්බෙන්නේ
ඒව නිසයි අපි මේව කරන්නේ
මේව කෙරෙන්නේ හොර රහසේ





අම්මේ අම්මේ අර බෙන්ස්,කොරොල්ලො
කිසි බිසි ගා එහෙ මෙහෙ දුවතී
කවුරුද අම්මේ ඒවයෙ යන්නේ 
මට නෑ මොනවත් දිස්වන්නේ


කව්දැයි දන්නේ පුන්චි පුතේ ඇයි
ඔච්චර දේවල් උම්බෙ ඔලුවේ
කවුරුත් දන්නෑ ඒවයෙ යන අය
පිට රට අය යැයි කියැවෙන්නේ


බිම බැලුවත් යයි උඩ බැලුවත් යයි
ලොකු වාහන වල එහෙ මෙහෙ යනවා
සැමදාමත් ඇයි මෙහෙමම නැත්තේ
මේ අය එතකොට කොහෙ යනවා


චොගම් එක තියනා පොඩි කාලෙට
වැඩ කිඩ ඔහොමයි පුතුනි මගේ
ඕවගෙ වියදම ටැක්ස් එකෙ එනකොට
ලොකු පොඩි කාටත් සතුට නැගේ...



මේ ගීතය මොනවද අම්මේ අකුරු ජාතියක්  ගීතයේ තාලයට ගායනා කරන්න...








ගුරුවරුන්ට මොකද වෙලා තියෙන්න?

2 comments



ගුරුවරු දෙවිවරුය අපි කිව්වත්       නිතර
ගුරුවර කමට සරිලන උන් දැන්     නැතිය
රට තොට ගමේ ගොඩ කතාව     ඇහුවාම
මේ මොන මගුලක්ද සිතුනා මගෙ    සිතට

එක ගුරුතුමෙක් ඉඳගෙන කන                     පලති
තව ගුරුකතක් ළමයගෙ කලිසම                  කපති
විදුහල්පති කෙනෙක් විදුහලෙ      කොල්ලන් ගසති
ගුරුවරු සැමට ගුරු උච්චව ඇති                 සෙයකි

කරදරකාර toolbar නැත්තට නැති කරමු

No comment yet
toolbar එපා වෙලාද තිත්ත වෙලාද?මටත් එපා වෙලා අපි ඉල්ලන්නෙ නැති හිතුවෙවත් නැති toobar ගොඩාක් බ්‍රවුසර් එක පුරාම තියෙනකොට පනින මල ආය කියල වැඩක් නෑ.

හිතල බැලුවද මේව කොහොමද අපේ බ්‍රවුසර් එකට එන්නෙ කියල?ඒව එන්නෙ අපි install කරන වැඩසටහන් එක්ක.

මීට අවුරුදු 2,3කට කලින් අපිට පුරුදු විදිහටම අපි කරන්නෙ වැඩසටහනක් install කරනකොට next , next, i acceppt කරගෙන යන එකනෙ.

windows 7 like start menu with windows 8 tiles.(For windows 8)

No comment yet
අලුත් වින්ඩෝව්ස් 8 වල තියෙන ස්ටාට් මෙනු එක සමහර වෙලාවට කරදරයක් වගෙ දැනිල ඇති සමහරුන්ට.ඒකට හේතුව මේක ටච් ස්ක්‍රීන් වලටත් ගැලපෙන ආකරයෙන් හදපු නිසා කියලයි මගේ හැඟීම.

ඒකට මන් පොඩි විසඳුමක් හොයා ගත්තා.මේකෙදි වෙන්නෙ වින්ඩෝව්ස් 7 වල වගේම වම් පැත්තෙ යටට ස්ටාට් මෙනු එක එන එක.හැබැයි මේකෙ තියෙන්නෙ වින්ඩෝව්ස් 8 ස්ටයිල් එක.කව්ද කැමති පරන ස්ටාර්ට්
මෙනු එකකට නේද?

wallpaper Clock (වෝල්පේපර් එකේම දුවන ඔරලෝසුවක්)

No comment yet
අපි හැමෝම කැමතියි desktop එක ලස්සනට තියාගන්න.ඒකට හොඳ වැඩක් ගැන තමයි මම මේ කියන්න යන්නෙ.

desktop එකට clock  එකක් දානව නම් gadjet එකක් නැත්නම් වෙනම software එකකින් තමයි දාන්න වෙන්නෙ.ඒ දැම්මත් ඒක වෙනම තියෙන නිසා සමහර වෙලාවට ඒක වදයක් වෙන වෙලාවලුත් තියනව.



ඒත් මේ software එකෙන් wallpaper එක ඇතුලෙම තියෙන clock  එකක් වගේම දිනය මාසය අවුරුද්දත් එක එක විදිහට පෙන්වන ආකාර ගොඩක් තියනව.

පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් මන් පලවෙනි පින්තූරෙ දාල තියෙන විදිහට අදාල software එක download කරගන්න.




වින්ඩෝව්ස් 8 ගැජට් බාර්(windows 7 like gadgets for windows 8)

1 comment
වින්ඩෝව්ස් 8 කියන්නෙ කොහොමත් ලස්සන os එකක් ඒත් වින්ඩොව්ස් 7 වල තිබුනු ගැජට් සෙට් එක වින්ඩෝව්ස් 8 වල නැති අඩුවක් නම් තියෙනව.

ඒකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් මට අද හම්බ උනා මේකත් වින්ඩෝව්ස් 8 ටයිල් විදිහට තමයි තියෙන්නේ.

ලස්සනට අපිට ඕනි විදිහට හදාගන්නත් පුලුවන්.

ඔන්න ට්‍රයි කරල බලන්න.

අඩියක් ගහන්න

No comment yet


හිතේ දුක ගතේ තෙහෙටුව යන්නටම මැකිලා
හිතේ දුක නොසඟවා කියන්නට පහදා
හිතේ ඇති සොමියටත් ගන්නවා නොලසා
ගහමුදෝ අඩියක් වැනෙනට සොඳිනා

පට්ට APPS 1.Air Call Accept Free

No comment yet
මේක එක්තරා විදිහක පට්ට ඇප් එකක් තමා.අපිට් මේකෙන් පුලුවන් ෆෝන් එක කෙලින්ම කනේම තියල answer කරන්න.දැනට මේක තියෙන්නෙ android වලට විතරයි.

මගෙ ෆෝන් එකේ ටච් එක වැඩ කරන්නෙ නැතුව ගියා දැන් මාස 3කට විතර කලින්.මේ ලඟක් වෙන කන් මන් ඒ ෆෝන් එකෙන් ආපු calls ඔක්කොම answer කරේ මේ app එකෙන් තමා.

පොතක් පෙරලන්න

1 comment
පොත පච වී ඇප නැති වී යන         විටක
පොත් මාසෙකින් හරි ගොඩ යා ගත යුතුය
එහේ තිබුන විකාර    ටික           දැක්කාම
මේ මොන මගුලක්ද හිතුනා    මගෙ සිතට




ප්‍රොබ්ලම්

2 comments




ප්‍රශ්න යයි කියතී විසඳුමක් නෑ             කියාවී
ප්‍රශ්න ගොඩකට මැදිවී ඉන්න බැරි බව කියාවී
තවත් ඉවසන්න බැරි වී  හැමදේම       එපා වී
යන්න මෙලොවින් චුතවී සිතී ඇති බව කියාවී

කිට් කැට් ඇන්ඩ්‍රොයිඩ්(android new version)

2 comments

අපි මෙච්චර කල් හිතාගෙන හිටියෙ අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක KEY LIME PIE කියල වෙබ් එක පුරාම තියෙන්නෙ එහෙමනෙ.ඔය උඩ තියෙන පින්තූරෙ තියෙන්න කවද කාපුවද ඉතින් නේ?

ඔන්න දැන් අලුත්ම ආරන්චිය නම් එකෙ නම kit kat කියලයි.මේ ආරන්චිය නම් ටිකක් official වගේ මෙන්න මේ සයිට් එකේ තියෙනව වැඩි විස්තර.LINK    LINK 2


අපිට පේන්නෙ නිකන් මේකත් add එකක් වගේ උනත් එහෙම නෑ කියලයි ගූගල් එක නම් කියන්නෙ බැලුවම අපිටත් ඒක පේනව හික් හික්.......


තව දෙයක් මේ කිට් කැට් කෑවහම ඇතුලෙ තෑගිත් තියනව කියලත් මට ආරන්චි.
පහල තියෙන පින්තූරෙන් ඒක සනාත වෙනව.



තෑගි විදිහට දෙන්නෙ google nexus 7 tab එකක් කියල තමයි කියන්නෙ ඒ වගේම play store එකේ apps ගන්න credits එහෙමත් හම්බවෙනවලු.

ලංකාවට මේ කිට් කැට් එනවද නැද්ද කියල නම් තාම හරි ආරංචියක් නෑ ඕං
මෙන්න මෙතන තියනව මේ ගැන විස්තර සහිත වීඩියෝ එකක් ටිකක් විකාර උනත් මේක තමයි ඇත්ත කතන්දරේ දැනට..











තව පෝස්ටුවකින් හමුවෙමු..





පාට පාට බෝතල්

1 comment


බාර් එකට ගියාම
පාට පාට බෝතල්
එක එක සයිස් බෝතල්
එක එක ප්‍රයිස් බෝතල්

අපේ සමාජෙත් ඒ වගේ
එක එක පාට මිනිස්සු
සුදු කලු වගේම
හදවත සුදු මූන කලු වගේම
මූන සුදු හදවත කලු මිනිස්සුත්
ඉන්නව

එයාලගෙත් උස කොට වගේම මහත කෙට්ටු
ඒ විතරක් ය එක එක ගනන්
සමහරු පාන් බාගෙ අරගෙන ඒක කන්න පරිප්පුත් නැතුව
සමහරුන්ට තරු පහේ හොටලේ කෑම මිස වෙන කිසිවක් බෑ

මේ හැම දේටම හේතුව සල්ලි
ඇති එකාට නති එකාට නෑම තමයි
දුකටත් එක්ක මමත් ගත්ත
පාට පාට බෝතල් දිහා නොබලම
දුඹුරු පාට බෝතලයක්
මමත් පොඩි මිනිහ
අපිට කොයින්ද පූසො කාසි?
අපි කොහොමද පාට පාට එක එක උස එක එක ප්‍රයිස් බෝතල් වල මිල ගෙවන්නෙ


පිනි බිංදුව.....!

1 comment



ගසක අත්තක නටුවෙ අගෙහිම
තිබෙන කොලයක යන්තමින් රැඳි
දිලිසි දිලිසී තිබෙන ලස්සන
පිනි බිඳුවක්ය අපේ මේ ජීවිතය


කොයි වෙලේ හෝ හිරු නැගෙයි
හිරු දුටු ගමන් වියැකීම යයි
යලි නොඑන ලෙස
මේ පිනි බිඳුව
ඒ වගෙයි අපේ ජීවිතය
කොයි වෙලේ හෝ මරුව එයි
රැගෙන යයි  ජීවිතය
තවත් ඉටු නොඋන
කරගන්න බැරි උන දහසක් එකක් සිතු පැතුම්
ඇති බව දැන දැනම


ඇත්ත බොහො තිත්තයි-වුවත් කිව යුත්තයි
ඉන්න ටික කාලයෙහි නාඩගන් බොහොමයි
මොන්ටෙරෝ පෙජරෝව අහස උස හදපු ගෙය
ලක්ශ දෙක තුනද හතර පහ හයද ඊට වැඩි
මගේ පොඩි සල්ලි ගහ මගේ  බිසිනස් එකද
මේ හැම දේම පුන්චි පිනි බිඳුව බිමට වැටෙනා  සැනින්
සුනු විසුනු වීම යයි යලි එකතු වනු නැතෙයි
කියා මෙහි බොහො දෙනෙක් නොහිතන
අරුමය කිම මෙමෙට නොහැඟෙන.


මේ පුන්චි පිනි බිඳුව

කොලෙන් පහලට වැටී තවත් කොලයක රැන්දී
තවත් මොහොතක් රැන්දී - ඉන්නටම වෙර දරයි
කොතෙක් හිටියත් රැඳි රැඳී හිරු දුටුව පිනි බින්ඳුව
තවත් කතා කිම

ඉහලටම පහලටම ගලන ගඟ වගේ යන එන
ජීවිතය පිනි බිංදුව කොයි වෙලේදැයි නොදැන
ඉන්නටම වෙර දරන සැම මේ පුන්චි පිනි බිංදුව
වගෙයි පුන්චි ජීවිතය මොහොතක ඉන්න තැන හිඳ
වාඩිවී ඉන්න ඔහොමම යතාර්තය මේ  ..පුන්චි පිනි බිංදුව..

මාසයක් නිම වෙන්නට යන උදේ  නැගිටපු
මෙමෙට හිතට කවි අදහසක් ගෙනා මේ පිනි බිංදුව

තිබුනෙ බිල්ඩිමෙ අගක හිරු නැගෙන්නට මොහොතකට පෙර
මේ ගෙන්දගම් පොලවේ  කොහිද අතු අග රැන්දුනු පිනි බිංදු........


කවිය නිමවී ගිහින් බැලු කල හොන්දින් හිරු පායා
නැගේ හිස් අහසේ එහෙත් කෝ පිනි බිංදුව......?












එක දවසක් උදේ

No comment yet


මන් මේ කියන දවසෙ මාතර ඉඳන් උදේ කොච්චියට එන්න පිටත් උනා. කොච්චියට එන්න ගෙදර ගාවින් CTB බස් එකක් තියනව බස් එකට නැගල මුල්ලක් අල්ලගෙන මම හොඳට නිදාගත්ත.

ඩෝ ං ගාල සද්ද්යක් ආව.උදේ පාන්දරම අපි ආපු බස් එක ඉස්සරහින් ආපු පුද්ගලික බස් රතයකට හේත්තු වෙලා.

අපි ආපු බස් එකේ ඩ්‍රයිවර් අංකල් පරුශ වචන රැසක් මුදාහරිනව.

"ඔය @#$ පුතා ඕකට තමයි ආවෙ හැම බස් හෝල්ට් එකේම ඉස්සර කරල පස්ස තිය තිය අවෙ ඕකට ත්මයි !@#%%$^%^&%&*" කියල බනිනව.

මන් ඔය මුකුත් දන්නෙ නෑනෙ ලඟ හිටපු එකෙක් ගෙන් ඇහුව 'මොකෝ මචන් උනේ?"

"නෑ බන් අර බස් එක අපේ පාරෙ එහෙකුත් නෙවේ එහෙව් එකේ මූ පාරෙ ඉන්න හැම එකාම දගෙනත් ඇවිල්ල මේ බස් එක ඉස්සර කර කර ගේම ඉල්ලුව දැන් හරිනෙ ගැට්ටෙ අමාරුව උදේ වැඩට යන්නත් නෑනෙ බන් "
ඇත්තමයි දැන් වැඩට යන්නෙ කෝමෙයි

ඔය @#$ පුතාට අල්ලන් දෙකක් අනිමු බන් පොලිසියෙන් එන්න කලින් එකෙක් කිව්ව.

මෙච්චර වෙලා නිදිමතෙන් හිටපු මට මාර කික් එකක් ආව "වරෙන් යන්න"කියල තව දෙතුන් දෙනෙක් ඇදගෙන මන් ආව.අපි යනකොට බස් එකේ ඩ්‍රයිවර් කෝල් එකක් අරගෙන ඉන්නව මූ තාම බස් එකෙන් බැහලවත් නෑ.

"තංගල්ල බස් එකක් මොකද මේ පාරෙ යන්නෙ මේක තමුසෙගෙ රූට් එක නෙවේනෙ" අංකල් කෙනෙක් ඇහුව."අංකල් ඔයා වැඩක් බලන් යනවද පව් නොදී" ඩ්‍රයිවර් කාරය අපිට පදිරියක් දැම්ම

"වැඩට යන්න තමයි බූරුවෝ උදේ පාන්දර ආවෙ තෝ ඒකත් කෑවනෙ දැන් කට පුක පියාගෙන බැහැපන් #කය නොවී බස් එකෙන්" එකෙක් කිව්ව
"මන් පොලිසියෙන් එනකන් බහින්නෙ නෑ ඇයි තමුසෙල මට ගහන්නද"

මූ අහපි "නැත්තන්" කියල මගෙ හිත කිව්වත් කට කිව්වෙ නෑ

"#කන්නෙ නැතුව බැහැපන් බිමට" තව එකෙක් කිව්ව

"මේක අහවල් මුදලලිගෙ බස් එක එහෙම ගහල ඉන්න නෙවේ කියල මූ" කිව්ව
කට්ටියට දැන් මලේ මල
කෙනෙක් ඇරිය දොර මායි තව කෙනෙකුයි ගත්ත බිමට ඇදල දුන්න හිතේ හැටියට

කලුවරේ හරියට පෙන්නෙත් නෑ ටිකක් වෙලා යනකොට ඩ්‍රයිවර් ඉන්නව ඔලුව බදාගෙන කට්ටිය ශේප් එකේ මාරු වෙලා එනකොට මෙන්න එනව කොන්ද පැනගෙන "කව්ද #ත්තො ගහන්නෙ" කියල දුන්න එයාටත් බඩ කට පිරෙන්න.නැත්තන් හරි නෑනෙ.
කට්ටිය ගහල එහෙට මෙහෙට වෙනකොට ඔන්න ආව පොලිසියෙන් ""කව්ද මෙයාලට ගැහුවෙ පොලිසියෙ රාජකාරිය කරන්න තරන් පොරවල් කව්ද ඉන්නෙ බ්ලා බ්ලා""

මන් ශේප් එකේ එතනින් මාරු වෙලා ආව නිකන් අහක යන ටින්කිරි ගා ගන්න ඕනි නෑනෙ මන් ඔහොම ටොපි අනන්ත කාලා තියන්ව .

අපිට යන්න බස් එකක් ආව ඒ බස් එකට බස් තුනක සෙනග නැග්ගම කොහොමද කියල හිතාගන්න පුලුවන්නේ බොහොම අමාරුවෙන් බැන බැන බස් එකේ එල්ලිල ආව කියන්නකො එනකොට ආතල්ම වැඩේ තමයි කොච්චිය ගිහිල්ල ආයම එකක් තියෙන්නෙ 6.05ට. ඒකෙන් මෙච්චර දවසක් ගෙදරට වෙලා කරගන්න බැරි උන එක දෙයක් කරගත්ත.පොඩි විටමින් කූරක් බිව්ව.

ඊළඟ කොච්චිය කොටුවට යනකොට 9.10යි.ආයම බම්බලපිටියට එනකොට 9.40 බෝඩිමට ගිහින් මාරුවක් දාගෙන දුමක් දාල එනකොට  10ත් පහු වෙලා.වැඩ පටන් ගන්නෙ 8.30ට බොහොම අමාරුවෙන් වෙන එකෙක් ගෙ අතේ බෑග් එක යවල මුකුත් නොදන්න ගානට ඔෆිස් එකට ගියා ඔන්න ඔහොමයි උනේ.

මේක තමයි අපි ඉන්න සමාජෙ ඉන්න හැම දෙනෙක්ටම අඩු වැඩිය ඇතුව වෙන්නෙ වෙන කවුරු හරි කොරන අසමජ්ජාති වැඩක් නිසා අපි කරන්න ඉන්න හැම දෙයක්ම අවුල් වෙලා යනව බැරි වෙලාවත් මගේ බොසාට මාට්ටු උනා නම් ඔය කතාව කීයයි කිව්වත් විස්වාස කරන්නෙ නෑ.අපි කියන බොරු වල හැටියට අපි ඇත්ත්තම කිව්වත් පිලි ගන්නෙ නැති එකත් වෙනම කතාවක්.

ඒත්..

එදා අ වෙච්ච පොඩි සිද්දියෙන් දෙන්නෙක් හොඳටම ගුටි කෑව තව 100 ගානක් උදේ පන්දර වගෙම සඳුද උදේ පාන්දරම සතියම අවුල් කර ගත්ත , ඉන්ටර්වීව් වලට යන්න පරක්කු උනා ,රතු ඉර  ගහගත්ත , හාල්ෆ් ඩේ වැටුන , ඇන්ගිලි සලකුන තියන්න බැරුව attendance bonus එක කපාගත්ත , උදේම තිබුන මීටිම මග ඇරුන , කලින් කොච්චියෙ ගියපු කොල්ල කෙල්ල මග ඇරුන, බොසාගෙන් බැනුම් ඇහුව, සමහෘ බොරු කාරයො උනා  මේ වගේ එකී නොකී ගොඩක් දේවල් මේ එක මනුස්සයෙක් හින්ද සිද්ද උනා එකයි මන් මේ පහල තියෙන කතාවට ගොඩක් ගරු කරන්නෙ.

අපි කොච්චර හරියට මොන දේ කරත් කවදාවත් අපි දැකල කතා කරල නැති අමුත්තෙකුට පුලුවන් අපේ මුලු දවසම එහෙම නැත්ත්න් අපෙ මුලු  ජීවිතෙම එක මොහතකින් වෙනස් කරල දාන්න ඒක මේ ලෝකෙ හැටි


_____ඉවරයි______!


ලේක් හවුස් එකේ මල ගෙදරක්..

No comment yet
ටයිටල් එක දැකල කලබල වෙන්න එපා.මේක අපේ ඔෆිස් එකේ වෙච්ච පුන්චි සිදුවීමක්.

කොල්ලෙක් ඉන්නව අපි ඌට කියමුකො චමින්ද කියල චමින්ද අපෙ කොම්පැනියෙ සේල්ස් කරන ලමයෙක්.

කොහොමින් කොහොමහරි චමින්දගෙ බොසා චමින්දට කියල තියනව ලේක් හවුස් එකේ ප්‍රොමෝශන් එකක් කරන්න කියල ලොක්ක හැමදේම කරල දුන්න හින්ද චමින්දට තියෙන්න ගිහිල්ල සේල් එක දාගන්න විතරයි.
(මගේ කොම්පැනිය ඉතින් රටටම සිම් විකුනන කොම්පනියක් දන්නො දනිති නොදන්නො නොදන්න තරමටම හොඳයි.)


කොහොම හරි මේ චමින්දට කියල වැඩක් කරගන්න එක හරි අමාරුයි හේතු සාදක වාර්තාවක්ම දෙනව එපා වෙනව අහගෙන ඉන්න.අන්තිම මොහොත වෙනකන් වැඩේ කර නෑ එක්කො වැඩේ කරන්න බෑ කියල කියන්නෙත් නෑ.

මන් ඔය කතා මුකුත් දන්නෙ නෑ මන් ඉතින් දවසක උදේ ඔෆිස් එකේ මගේ වැඩක් කරගෙන ඉන්නව ඔන්න චමින්ද දොරෙන් ආව එනකොටම මුගේ බොසාට මල යකා නැග්ගා.

"ඒ බොල /@#%තො මන් තොට ලේක් හවුස් එකට යන්න කිව්ව නේද කියල ඇහුව."

මූ ගත් කටටම කිව්ව ආ එහෙ අද කට්ටිය නෑ ඔක්කොම මල ගෙදරක ගිහිල්ල කියල


මට මල යකා නැග්ග ඇයි හත්වලාමේ ගල් පැලෙන බොරුවක් නෙ ඔය කිව්වෙ.

මගෙත් කට කහනවනෙ මමත් කිව්ව පල /@#%තො යන්න ඔක්කොම මල ගෙදර ගිහින් නම් හෙට පත්තරේ ලියන්නෙ පොලිසියෙන්ද කියල.

ඔන්න එතකොටයි මුගෙ බොසාට තේරුනේ මූ බොසාව තැම්බුව කියල.


 ඊට පස්සෙ අනේ සාදු බන කියනව පලු යන්න මන් හිමිහිට පහලට ආව විටමින් කූරක් බොන්න පොඩි දුකකුත් එක්ක කොල්ලෙක්ව චාටර් උන එකට.ඒත් බොරුවක් උනත් කියන කොලිටි එකක් තියනව ඒකත් හැමෝටම කොරන්න පුලුවන් එකක් නෙමෙයි..

.....FYI ලේක් හවුස් කියන්නෙ ලංකාවෙ පත්තර වැඩිම ප්‍රමානයක් මුද්‍රණය වෙන තැන අවුරුද්ද්ට තියා ජනාදිපතිගෙ මල ගෙදරටවත් වහන්නෙ නෑ ඕං..


පින්තූරෙ හොයල දුන්නෙ google අයිය.

දුමක් දාන්න

3 comments
කොච්චර ගඳක් තිබුනත් මේ දුම් වැටියේ

අරගෙන යයි ටික දුරකට දුක මාගේ

උදේ හවස තනි මකනා දුම් වැටියේ

නැතුව කොහොම පුච්චන්නද දුක මාගේ




මන් සිටිනා කොලොම්පුරේ පුන්චි බොඩිමේ

අම්ම හදන තේ එක නෑ පුන්චි බොඩිමේ

උදේ හවස තුන් වරුවට පුන්චි බොඩිමේ

සිගරට් දුම පිරිල ඇතේ පුන්චි බොඩිමේ


දවස පටන් ගන්නට මට  බොන්නට ඔනි

උදේ දවල් රෑට කාල එකක් බොන්නට ඔනි

ඔෆිස් එකේ කම්මැලි කම මකන්න ඔනි

නිදගන්න කලින් එකක් බොන්නම ඔනි


සිගරට් එකක අලු වී යයි තනිකම මාගේ

දුමාරයෙන් බොඳ වී යයි දුක ඇති මසිතේ

ඒ එක්කම කලු වී යයි තොලවට මාගේ

ඒ එක්කම නිම වී යයි මුදල ඇති අතේ


කවුරු කොහොම කිව්වත් වස විස ඇත මේ වැටියේ

bio කෙරුවෙ මන් ඒ ගැන නොදන්නව නොවෙයි

එහෙම කියල අත අරින්න මගෙ සිත නොම දෙයි

මේක බලල නොබොන එකා බොනව හෙම නෙවෙයි


බොන්න බොන්න ඇඟට විපත ගෙනෙන දුමාරේ

හෙට අනිද්ද නවත්තන හිතන දුමාරේ

බද්ද හින්ද අහස උසට නැග්ග දුමාරේ

දැනුත් එකක් ගන්න යන්නෙ පහල හොටලේ



"දුම් වැටියක් ගේන්න පහලට යනව මම එහෙනන්"







මොනවද දැන් ලියන්නෙ

No comment yet
ලියන්න දේවල් ගොඩයි කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරි තරම්

ඇයි එක පාරටම?

No comment yet
මන් මේ බ්ලොග් එක ලියන එක නවත්තල දැන් ගොඩක් කල් හරියටම මාස 9ක් වෙනව .

අද ඔෆිස් එකට ගියාට වැඩක් කරන්න හිතුනෙම නෑ මන් ටිකක් සයිබර් අවකශේ සිංහල අපේ අයගෙ වැඩ බැලුව එතකොට තමයි සඳරු අයියගෙ හිස් අහස දිහත් ඇහ දැම්මෙ අග ඉන්දන් මුලටම මන් කියෙව්ව "ඔව් අග ඉන්දන් මුලට"

එතකොට මට මතක් උනේ මටත් මේ වගේ ලියන්න දෙවල් කොච්චර තියෙනවද කියල ඔන්න ඉතින් මමත් ලියනව මගේ මේ අවුරුදු 22ක ජීවිත කලෙම උන ඒව අපිලිවෙලට මගේ ජීවිතෙත් එහෙමයි.."අපිලිවෙලයි"

ඉතින් සඳරු අයියෙ මගෙ පලවෙනි තුතිය ඔයාට සහ ලට්ට ලොට්ට ලියන පොඩිමෑන් අයියට,