දුමක් දාන්න

3 comments
කොච්චර ගඳක් තිබුනත් මේ දුම් වැටියේ

අරගෙන යයි ටික දුරකට දුක මාගේ

උදේ හවස තනි මකනා දුම් වැටියේ

නැතුව කොහොම පුච්චන්නද දුක මාගේ




මන් සිටිනා කොලොම්පුරේ පුන්චි බොඩිමේ

අම්ම හදන තේ එක නෑ පුන්චි බොඩිමේ

උදේ හවස තුන් වරුවට පුන්චි බොඩිමේ

සිගරට් දුම පිරිල ඇතේ පුන්චි බොඩිමේ


දවස පටන් ගන්නට මට  බොන්නට ඔනි

උදේ දවල් රෑට කාල එකක් බොන්නට ඔනි

ඔෆිස් එකේ කම්මැලි කම මකන්න ඔනි

නිදගන්න කලින් එකක් බොන්නම ඔනි


සිගරට් එකක අලු වී යයි තනිකම මාගේ

දුමාරයෙන් බොඳ වී යයි දුක ඇති මසිතේ

ඒ එක්කම කලු වී යයි තොලවට මාගේ

ඒ එක්කම නිම වී යයි මුදල ඇති අතේ


කවුරු කොහොම කිව්වත් වස විස ඇත මේ වැටියේ

bio කෙරුවෙ මන් ඒ ගැන නොදන්නව නොවෙයි

එහෙම කියල අත අරින්න මගෙ සිත නොම දෙයි

මේක බලල නොබොන එකා බොනව හෙම නෙවෙයි


බොන්න බොන්න ඇඟට විපත ගෙනෙන දුමාරේ

හෙට අනිද්ද නවත්තන හිතන දුමාරේ

බද්ද හින්ද අහස උසට නැග්ග දුමාරේ

දැනුත් එකක් ගන්න යන්නෙ පහල හොටලේ



"දුම් වැටියක් ගේන්න පහලට යනව මම එහෙනන්"







3 comments

Anonymous August 28, 2013 at 9:00 AM

gona kiyala marannaya itin..ha ha.beepiya

Unknown August 30, 2013 at 2:25 AM

Kauru Mona Keewath .....Athal ganna puluwan Kale ....Athal ganin, .........namuth Office time ake rata sigarat beela ..office aka nam gada gassanna epa .....Hariya !!!

chinthaka August 30, 2013 at 6:12 AM

@ sri ill try my best
ට්‍රයි කරන්නන් හොන්දේ