CHOGM බඹර

3 comments
මොනවද අම්මේ බඹර ජාතියක් 
තැන් තැන් වල කව්දෝ තියලා
කවුරුද අම්මේ මේව තියන්නේ
පාට පාට පෙති හෙම දාලා




පුතා දන්නේ නෑ සිරි ලංකාවේ 
ජාති ජාති හරි වැඩ කෙරෙති
කන්න නැතුව මිනිසුන් නිදියද්දී
හන්දි ගානේ බඹරද  තියතී


මේ වගෙ ලස්සන වැඩ හැමදාමත් නෑ
මොනවද අම්මා කියවන්නේ
කොහොමද අම්මේ මේව කරන්නේ
මෙච්චර සල්ලිත් නැති අතරේ

ඉර පායනකොට ඉර බැස යනකොට 
ණය ආදාරයි හම්බෙන්නේ
ඒව නිසයි අපි මේව කරන්නේ
මේව කෙරෙන්නේ හොර රහසේ





අම්මේ අම්මේ අර බෙන්ස්,කොරොල්ලො
කිසි බිසි ගා එහෙ මෙහෙ දුවතී
කවුරුද අම්මේ ඒවයෙ යන්නේ 
මට නෑ මොනවත් දිස්වන්නේ


කව්දැයි දන්නේ පුන්චි පුතේ ඇයි
ඔච්චර දේවල් උම්බෙ ඔලුවේ
කවුරුත් දන්නෑ ඒවයෙ යන අය
පිට රට අය යැයි කියැවෙන්නේ


බිම බැලුවත් යයි උඩ බැලුවත් යයි
ලොකු වාහන වල එහෙ මෙහෙ යනවා
සැමදාමත් ඇයි මෙහෙමම නැත්තේ
මේ අය එතකොට කොහෙ යනවා


චොගම් එක තියනා පොඩි කාලෙට
වැඩ කිඩ ඔහොමයි පුතුනි මගේ
ඕවගෙ වියදම ටැක්ස් එකෙ එනකොට
ලොකු පොඩි කාටත් සතුට නැගේ...



මේ ගීතය මොනවද අම්මේ අකුරු ජාතියක්  ගීතයේ තාලයට ගායනා කරන්න...








3 comments

Anonymous November 17, 2013 at 9:31 AM

හරියට ගැලපෙනවා...

chinthaka November 17, 2013 at 8:40 PM

බොහොම ස්තූතියි

chinthaka March 13, 2022 at 11:28 AM
This comment has been removed by the author.