ලේක් හවුස් එකේ මල ගෙදරක්..

No comment yet
ටයිටල් එක දැකල කලබල වෙන්න එපා.මේක අපේ ඔෆිස් එකේ වෙච්ච පුන්චි සිදුවීමක්.

කොල්ලෙක් ඉන්නව අපි ඌට කියමුකො චමින්ද කියල චමින්ද අපෙ කොම්පැනියෙ සේල්ස් කරන ලමයෙක්.

කොහොමින් කොහොමහරි චමින්දගෙ බොසා චමින්දට කියල තියනව ලේක් හවුස් එකේ ප්‍රොමෝශන් එකක් කරන්න කියල ලොක්ක හැමදේම කරල දුන්න හින්ද චමින්දට තියෙන්න ගිහිල්ල සේල් එක දාගන්න විතරයි.
(මගේ කොම්පැනිය ඉතින් රටටම සිම් විකුනන කොම්පනියක් දන්නො දනිති නොදන්නො නොදන්න තරමටම හොඳයි.)


කොහොම හරි මේ චමින්දට කියල වැඩක් කරගන්න එක හරි අමාරුයි හේතු සාදක වාර්තාවක්ම දෙනව එපා වෙනව අහගෙන ඉන්න.අන්තිම මොහොත වෙනකන් වැඩේ කර නෑ එක්කො වැඩේ කරන්න බෑ කියල කියන්නෙත් නෑ.

මන් ඔය කතා මුකුත් දන්නෙ නෑ මන් ඉතින් දවසක උදේ ඔෆිස් එකේ මගේ වැඩක් කරගෙන ඉන්නව ඔන්න චමින්ද දොරෙන් ආව එනකොටම මුගේ බොසාට මල යකා නැග්ගා.

"ඒ බොල /@#%තො මන් තොට ලේක් හවුස් එකට යන්න කිව්ව නේද කියල ඇහුව."

මූ ගත් කටටම කිව්ව ආ එහෙ අද කට්ටිය නෑ ඔක්කොම මල ගෙදරක ගිහිල්ල කියල


මට මල යකා නැග්ග ඇයි හත්වලාමේ ගල් පැලෙන බොරුවක් නෙ ඔය කිව්වෙ.

මගෙත් කට කහනවනෙ මමත් කිව්ව පල /@#%තො යන්න ඔක්කොම මල ගෙදර ගිහින් නම් හෙට පත්තරේ ලියන්නෙ පොලිසියෙන්ද කියල.

ඔන්න එතකොටයි මුගෙ බොසාට තේරුනේ මූ බොසාව තැම්බුව කියල.


 ඊට පස්සෙ අනේ සාදු බන කියනව පලු යන්න මන් හිමිහිට පහලට ආව විටමින් කූරක් බොන්න පොඩි දුකකුත් එක්ක කොල්ලෙක්ව චාටර් උන එකට.ඒත් බොරුවක් උනත් කියන කොලිටි එකක් තියනව ඒකත් හැමෝටම කොරන්න පුලුවන් එකක් නෙමෙයි..

.....FYI ලේක් හවුස් කියන්නෙ ලංකාවෙ පත්තර වැඩිම ප්‍රමානයක් මුද්‍රණය වෙන තැන අවුරුද්ද්ට තියා ජනාදිපතිගෙ මල ගෙදරටවත් වහන්නෙ නෑ ඕං..


පින්තූරෙ හොයල දුන්නෙ google අයිය.