අඩියක් ගහන්න

No comment yet


හිතේ දුක ගතේ තෙහෙටුව යන්නටම මැකිලා
හිතේ දුක නොසඟවා කියන්නට පහදා
හිතේ ඇති සොමියටත් ගන්නවා නොලසා
ගහමුදෝ අඩියක් වැනෙනට සොඳිනා





සිතේ ඇති ගල් බොරලු දිය කර පාවෙලා යැවෙනා
සිතේ ඇති නැති සියලු දේ කියවයි වමාරා සැනෙනා
රන්ඩු වලි කොකු නිස්කාරනේ ඇදෙනවා නැති වෙනවා
වැනි වැනී ගෙදර යන්නට ගහමු අඩියක් සොඳිනා


බේබදු කමම නොව ෆිට් එක වැඩි වෙනවා
දැකල නැති එවුන් බොක්කට ෆිට් වෙනවා
මේ මොන දේ උනත් බිව්වා වැඩි වීලා
බොක්කෙම උන් උනත් දාලා යයි සෙමිනා


බෝතලයට බාගෙට ගල් කාලකට
පෙම් බැඳ සිටීමයි එහි ඇති මෝඩකම
පොඩ්ඩ වෙන්න පොඩි අඩියක් ගැහුවාට
එහි නෑ කිසි දුකක් වන හෙම නොවුනාම


ගෙදර හිඳ නැත්නම් ගෙදරක අහල හිඳ
අඩියක් ගැසුම හොඳ නෑ එයි අතුරු පල
කොහේ හෝ තැනක හිඳ ගැසුවත් අඩිය
යන්නට එපා බඩු බහිනා තුරු ගෙදර



................................................................................