ප්‍රාර්ථනා ලිඳ

No comment yet

ඔන්න ඉන්නව ආදරණීය බිරිඳකුයි එයාගෙ ආදරණීය සැමියයි.හබැයි ඔය බිරිඳ නම් අහල පහල අය එක්කත් පොඩ්ඩක් ආදරනීයයි,දන් නැද්ද ඉතින්?


දෙන්නත් එක්ක සති අන්තෙක පොඩි ට්‍රිප් එකක් දාගත්ත කම්මැලි කමට පොඩ්ඩක් ඇවිදල එන්න.ඔය යන්න හදන වෙලාවෙ ඉඳලම බිරිඳ නම් හිටියෙ තරහින් පුපුර පුපුරලු යාලුවො ටිකත් එක්ක දාගත්ත ගමනට තමන්ගෙ මනුස්ස්යත් අපු එක ගැන.

දැන් කට්ටිය ඇවිදල ඇවිදල අන්තිමට ආවලු ප්‍රාර්ථනා ලිඳක් ගාවට.දැන් කට්ටිය හෝ ගාල තමන්ගෙ තියෙන කර ගන්න බැරි  වෙච්ච හැම දේම මේ ප්‍රාර්ථනා ලිඳට බාර දෙනවලු.

දැන් මේ අපේ කතාවෙ ඉන්න දෙන්නත් හෙමිහිට දැන් මේ ලිඳ ලඟට කිට්‍ටු වුනාලු.කට්ටියගෙන් අහල විස්තරේ දැන ගත්ත ගමන්ම බිරිඳ ටක් ගාල ලිඳ ලඟට ගිහිල්ල පිටිපස්ස්ට කාසියකුත් විසි කරල ටිකක් බරපතල විදිහට ප්‍රර්ථනාවක් කරාලු.

සැමියටත් මේක බලන් ඉන්න බැරි තැන ලිඳ ලන්ගට ගියලු ප්‍රර්ථනාවක් කරන්න.ගිහින් කාසියකුත් අරගෙන ලිඳටම දාන්න ඔනි නිසා පොඩ්ඩක් පස්සෙන් පස්ස්ට යනවලු එතකොටම කකුල පොඩ්ඩක් ලිස්සල මේ මනුස්සය පතුලක් පෙන්නෙවත් නැති ලිඳට වැටිල ගිලිල මැරෙනවලු.

ට්‍රිප් එක ආපුන් අය ඉතින් ලිඳ ඇතුලට එබිල පතුලක් වත් පේන්නෙ නැති මේ ලිඳ ඇතුලට වැටිච්ච මනුස්ස්ය ගැන හරියට දුක් වුනාලු.


ඔය අස්සෙ මේ මිනිස්සුන්ට ඇහෙනවලු ගෑනු කෙනෙක් හරි සද්දෙට හිනාවෙනව බැලින්නම් මේ දැන් මනුස්ස්ය මැරිච්ච ගෑනි තමා මේ හිනා වෙන්නෙ.මිනිස්සු ටික ලඟට ලන් වෙනකොට ගෑනි බොහොම අමාරුවෙන් හිනාව නවත්තල කිව්වලු කිව්වලු මේ "ලිඳ නම් හරිම ශෝක් අනේ ඇත්තටම මේ ලි‍ඳෙන් ප්‍රාර්ථනා ඉශ්ට වෙනව" කියල

ප්‍රාර්ථනාව මගෙන් අහන්න එපා.
තව එකක් ඉක්මනටම ලියනව