රිය අනතුර

No comment yet

ගෑනු කෙනෙක් ලොකු වේගෙකින් වාහනයක් එලවගෙන යනවලු ටිකක් ගම්බඳ පාරක,එතකොටම ඒ වගේම වේගෙන් ආපු වාහනයක මේ ගෑනු කෙනාගෙ වාහනේ වදිනවලු.

වාහන දෙකට දැන් හොඳටම අලාබයිලු.වැඩේ කියන්නෙ වාහන දෙකේම හිටපු දෙන්නටමකිසිම තුවාලයක්වත් නෑලු.

ටිකක් වෙලා ගියාට පස්සෙ අනිත් වාහනේ හිටපු පිරිමි කෙනා බැහැල ආවලු,එතකොටම ගැනු කෙනත් වහනෙන් බොහොම අමාරුවෙන් බැහැල ආවලු.


 වාහන දෙක දැන් හොඳටම අබලන් වෙලා දුම් දානව ගෑනු කෙනා ටිකක් වෙලා හිතල කිව්වලු "බලන්න අනේ අපි දෙන්නට කිසිම අවුලක් නැති වුනාට අපි දෙන්නගෙ වාහන දෙකේ හැටි?උඩ ඉන්න දෙවියො අපිට ඒකෙන් අඟවන්නෙ අපි දෙන්න මේ ගැන බැන ගන්න රන්ඩු වෙන්න හොඳ නෑ කියන එක වෙන්න ඇති නේ?"කියල පිරිමි කෙනාගෙන් ඇහුවලු.

පිරිමි කෙනත් ඔලුව එහෙම හොලවල කිව්වලු "මටත් එහෙම හිතෙනෙව"කියල.


ටතමන්ගෙ වාහනේ වටේට ගියපු ගෑනු කෙනා ටික වෙලාවකින් වොඩ්කා බෝතලයකුත් අරන් එනවලු.

"බලන්න අනේ අපි දෙන්නගෙ වාහන වලට මෙච්චර දෙයක් වෙලාත් මගෙ වාහනේ තිබුන මේ වොඩ්කා බෝතලේට මුකුත් වෙලා නෑ  දෙවියො ඒකෙන් අදහස් කරන්නෙ අපි දෙන්න මේ වොඩ්කා බෝතලේ බොන්න ඕනි කියන එක වෙන්න ඇති නේද?" කියල.
පිරිමි කෙනත් උඩ පැනල කිව්වලු "අනිවාර්යයන් ඒක නම් එහෙමම තමා" කියල.

දැන් දෙන්නත් එක්ක බෝතලේ බොන්න පටන් ගත්තලු.පිරිමි කෙනා බෝතලෙන් තුන්කාලක් විතර බිව්වට පස්සෙ තේරුනාලු ගෑනු කෙනා පොඩ්ඩ්ක් වත් බිව්වෙ නෑ කියල, "මන් විතරයි බිව්වෙ ඇයි ඔයා බොන්නෙ නැද්ද" කියල ඇහුවලු.

"නෑ! මන් හිතන්නෙ මන් පොලිසියෙන් මෙතනට එනකන් හිටියොත් හොන්ඳයි වගේ නේද?" කියල ඇහුවලු.