OctTuesday,
universel mastercode නැත්නම් මොකද කරන්නෙ?
Labels:
dongle unlocking,
TEch
✪
No comment yet
මෙන්න මේ සයිට් එකට ගියා නම් ඔයාලට පුලුවන් අන්ලොක් කෝඩ් එක ඔන්ලයින්ම ගන්න.
OctTuesday,
ඩොන්ගල් අන්ලොක් කිරිල්ල
Labels:
dongle unlocking,
TEch
✪
3 comments
මේ මාතෘකාව මේ දවස් වල මගේ ජීවිතේ වැඩිපුරම එහෙ මෙහෙ යන මාතෘකාවක්.මේක එහෙමකට අමාරු දෙයක් නොවුනත් හරියට කරගන්න බැරි උනොත් රු3000ක් 2000ක් දීල ගත්ත ඩොන්ගල් එකට කෙලවෙනව.
හැබැයි මේ මන් කියන දේවල් වලට මන් වග කියන්නෙ නෑ ඕන්න.
ඉස්සෙලම කියන්න යන්නෙ සමාන්ය ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න විදිහ.
මේකට හුඟ දෙනෙක් යොදාගන්නෙ universal mastercode කියන මෘදුකාංගය, මන් නම් මේක භවිතා කරල තියෙන්නෙ huawei ඩොන්ගල් අන්ලොක් කරන්න විතරයි.
මෙතන IMEI කියන තැන ඔයාගෙ අංක 15ක් තියෙනIMEI නම්බර් එක ගහල calculate කියන තැනින් ක්ලික් කරන්න.
ඊට පස්සෙ පහල තියෙන විදිහට එන තැනින් ඉස්සෙල්ල ගත්ත කෝඩ් එක ඇතුලත් කරන්න.එතකොට ඩොන්ගල් එක සදහටම අන්ලොක්.ඔයාට මේ විදිහට ට්‍රයි කරන්න පුලුවන් වෙන්නෙ 10 පාරක් විතරයි.
මේකට හැබැයි IMEI නම්බර් එක දැනගෙන ඉන්නම වෙනව මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනව මන් ඒක ඊළඟ පෝස්ට් එකේ දානවා.ඒකට IMEI නම්බර් ඕනිම නෑ
OctMonday,
රිය අනතුර
ගෑනු කෙනෙක් ලොකු වේගෙකින් වාහනයක් එලවගෙන යනවලු ටිකක් ගම්බඳ පාරක,එතකොටම ඒ වගේම වේගෙන් ආපු වාහනයක මේ ගෑනු කෙනාගෙ වාහනේ වදිනවලු.
වාහන දෙකට දැන් හොඳටම අලාබයිලු.වැඩේ කියන්නෙ වාහන දෙකේම හිටපු දෙන්නටමකිසිම තුවාලයක්වත් නෑලු.
ටිකක් වෙලා ගියාට පස්සෙ අනිත් වාහනේ හිටපු පිරිමි කෙනා බැහැල ආවලු,එතකොටම ගැනු කෙනත් වහනෙන් බොහොම අමාරුවෙන් බැහැල ආවලු.
වාහන දෙක දැන් හොඳටම අබලන් වෙලා දුම් දානව ගෑනු කෙනා ටිකක් වෙලා හිතල කිව්වලු "බලන්න අනේ අපි දෙන්නට කිසිම අවුලක් නැති වුනාට අපි දෙන්නගෙ වාහන දෙකේ හැටි?උඩ ඉන්න දෙවියො අපිට ඒකෙන් අඟවන්නෙ අපි දෙන්න මේ ගැන බැන ගන්න රන්ඩු වෙන්න හොඳ නෑ කියන එක වෙන්න ඇති නේ?"කියල පිරිමි කෙනාගෙන් ඇහුවලු.
පිරිමි කෙනත් ඔලුව එහෙම හොලවල කිව්වලු "මටත් එහෙම හිතෙනෙව"කියල.
ටතමන්ගෙ වාහනේ වටේට ගියපු ගෑනු කෙනා ටික වෙලාවකින් වොඩ්කා බෝතලයකුත් අරන් එනවලු.
"බලන්න අනේ අපි දෙන්නගෙ වාහන වලට මෙච්චර දෙයක් වෙලාත් මගෙ වාහනේ තිබුන මේ වොඩ්කා බෝතලේට මුකුත් වෙලා නෑ දෙවියො ඒකෙන් අදහස් කරන්නෙ අපි දෙන්න මේ වොඩ්කා බෝතලේ බොන්න ඕනි කියන එක වෙන්න ඇති නේද?" කියල.
පිරිමි කෙනත් උඩ පැනල කිව්වලු "අනිවාර්යයන් ඒක නම් එහෙමම තමා" කියල.
දැන් දෙන්නත් එක්ක බෝතලේ බොන්න පටන් ගත්තලු.පිරිමි කෙනා බෝතලෙන් තුන්කාලක් විතර බිව්වට පස්සෙ තේරුනාලු ගෑනු කෙනා පොඩ්ඩ්ක් වත් බිව්වෙ නෑ කියල, "මන් විතරයි බිව්වෙ ඇයි ඔයා බොන්නෙ නැද්ද" කියල ඇහුවලු.
"නෑ! මන් හිතන්නෙ මන් පොලිසියෙන් මෙතනට එනකන් හිටියොත් හොන්ඳයි වගේ නේද?" කියල ඇහුවලු.
OctMonday,
වෙඩින් ඇඳුම
මේ කියන්න යන්නෙ වෙඩින් එකක් වෙලවෙ අම්ම කෙනෙක් පුතා නිසා වෙච්ච අපහසුතාවක් ගැනඔන්න වෙඩින් එකට අම්ම පුතාවත් හොඳට අන්ඳගෙන ගියාලු.වෙඩින් එක පටන් ගත්තට පස්සෙ පොඩි එකා අම්මගෙන් අහනවලු ඇයි අම්මෙ මනමාලි සුදු පාටින් අඳින්නෙ කියල එතකොට අම්ම කියනව අද මනමාලිගෙ ජීවිතේ තියෙන ලස්සනම දවස මගෙ පුතේ කියල පොඩි එකත් අම්මගෙ උත්තරේට හා කියල ඔලුව වනල කට පියාගෙන ටිකක් වෙලා ඉඳල
ආයම අහනවලු අම්මෙ ඇය් එතකොට මනමාලය කලු අඳින්නෙ කියල ඒ අම්මට නම් කියගන්න දෙයක් නැති උනාලු, ඕකට උත්තරේ ඉතින් අපි ඔක්කොම දන්න්වනෙ නේද?
මේක පොඩි කතාවක් පස්සෙ ලොකු කතාවක් ලියනව
OctSunday,
ප්‍රාර්ථනා ලිඳ
ඔන්න ඉන්නව ආදරණීය බිරිඳකුයි එයාගෙ ආදරණීය සැමියයි.හබැයි ඔය බිරිඳ නම් අහල පහල අය එක්කත් පොඩ්ඩක් ආදරනීයයි,දන් නැද්ද ඉතින්?
දෙන්නත් එක්ක සති අන්තෙක පොඩි ට්‍රිප් එකක් දාගත්ත කම්මැලි කමට පොඩ්ඩක් ඇවිදල එන්න.ඔය යන්න හදන වෙලාවෙ ඉඳලම බිරිඳ නම් හිටියෙ තරහින් පුපුර පුපුරලු යාලුවො ටිකත් එක්ක දාගත්ත ගමනට තමන්ගෙ මනුස්ස්යත් අපු එක ගැන.
දැන් කට්ටිය ඇවිදල ඇවිදල අන්තිමට ආවලු ප්‍රාර්ථනා ලිඳක් ගාවට.දැන් කට්ටිය හෝ ගාල තමන්ගෙ තියෙන කර ගන්න බැරි වෙච්ච හැම දේම මේ ප්‍රාර්ථනා ලිඳට බාර දෙනවලු.
දැන් මේ අපේ කතාවෙ ඉන්න දෙන්නත් හෙමිහිට දැන් මේ ලිඳ ලඟට කිට්‍ටු වුනාලු.කට්ටියගෙන් අහල විස්තරේ දැන ගත්ත ගමන්ම බිරිඳ ටක් ගාල ලිඳ ලඟට ගිහිල්ල පිටිපස්ස්ට කාසියකුත් විසි කරල ටිකක් බරපතල විදිහට ප්‍රර්ථනාවක් කරාලු.
සැමියටත් මේක බලන් ඉන්න බැරි තැන ලිඳ ලන්ගට ගියලු ප්‍රර්ථනාවක් කරන්න.ගිහින් කාසියකුත් අරගෙන ලිඳටම දාන්න ඔනි නිසා පොඩ්ඩක් පස්සෙන් පස්ස්ට යනවලු එතකොටම කකුල පොඩ්ඩක් ලිස්සල මේ මනුස්සය පතුලක් පෙන්නෙවත් නැති ලිඳට වැටිල ගිලිල මැරෙනවලු.
ට්‍රිප් එක ආපුන් අය ඉතින් ලිඳ ඇතුලට එබිල පතුලක් වත් පේන්නෙ නැති මේ ලිඳ ඇතුලට වැටිච්ච මනුස්ස්ය ගැන හරියට දුක් වුනාලු.
ඔය අස්සෙ මේ මිනිස්සුන්ට ඇහෙනවලු ගෑනු කෙනෙක් හරි සද්දෙට හිනාවෙනව බැලින්නම් මේ දැන් මනුස්ස්ය මැරිච්ච ගෑනි තමා මේ හිනා වෙන්නෙ.මිනිස්සු ටික ලඟට ලන් වෙනකොට ගෑනි බොහොම අමාරුවෙන් හිනාව නවත්තල කිව්වලු කිව්වලු මේ "ලිඳ නම් හරිම ශෝක් අනේ ඇත්තටම මේ ලිඳෙන් ප්‍රාර්ථනා ඉශ්ට වෙනව" කියල
ප්‍රාර්ථනාව මගෙන් අහන්න එපා.
තව එකක් ඉක්මනටම ලියනව
Subscribe to:
Posts (Atom)